රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වගේ
රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ,ගීත නාද වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ
සීත සුළං එනවා,
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා,
පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනහෙනවා,
පොපියන කුසුම් වගේ
තුරුලක පෙරළෙනවා,
හිම මත හිම වාගේ
Post a Comment