සියලු ගැටලු ලෙහා දමන මරිය මාතාවන් සදහා වූ යාච්ඤාව

කන්‍යා මරිය මාතාවෙනි,සැබෑ ප්‍රේමයේ
මව්නි.අවැසිතාවක සිටින දරුවකුට සරණය වීම කිසි දිනෙක ප්‍රතික්ෂේප නොකරන දයාබර මෑණියෙනි.⁣⁣⁣ඔබේ හද තුළ දැවෙන දේව දයාව හා කරුණාවෙන් 
ප්‍රමෝදිතව ⁣ඔබේ දරුවන් වෙනුවෙන් මැදහත් වීමට ඔබ කිසි දිනක පසුබට නොවන්නීය.

දයාබර මෑණියෙනි,ඔබේ සෙනෙහෙබර
නෙත් මා දෙස යොමා මාගේ ජිවිතය වියවුල් කෙරෙන ගැටලුවලින් මා මුදාගත මැනව බලාපොරොත්තු සිඳී ගිය මා කෙතරම් අසරණ ව සිටින්නේ ද වේදනාවට පත් වන්නේ දැයි ඔබ තුමිය දන්නා සේක.

මරිය මාතා වෙමි ,දෙවි පියාණන් වහන්සේ තමන් වහන්සේ දරුවන් ගේ ජීවිත තුළ පවතින ගැටලු බාධක සියල්ල ම විසඳාලීම සඳහා ඔබ තුමියට භාර කළා සේ මාගේ ජීවිත ගැටලු ලෙහා දැමීම ඔබතුමියට බාර කරමි.

කිසිවෙකුට හෝ දුෂ්ට නපුරාට හෝ ඔබේ ආරක්ෂාවෙන් අප ඉවත්  කළ නොහැකියි.ඔබේ දෑතින් විසඳා ලිය නොහැකි කිසිම ගැටළුවක් නැත්තේ ය.

බලවන්ත මාතාවෙනි,ඔබේ ප්‍රසාදයෙන් හා මාගේ දිව්‍ය ගැලවුම්කාරයාණන් වන ඔබේ පුත්‍රයාණන් වු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ වෙත ඇති ඔබේ මැදිහත් වීම කරණ-කොටගෙන මෙම  ගැටළුව අදම ඔබේ දෑතට භාර ගත මැනව. 

දෙවියන් වහන්සේට මහිමය අත් වනු සඳහා මෙම ගැටලුව ගැටළුව මුළුමනින්ම විසදාලන මෙන් මම ඔබෙන් අයැද සිටිමි. ඔබ තුමිය,මාගේ එක ම බලාපොරොත්තුව වන සේක.

අහෝ ස්වාමිදුව නි ,දෙවියන් වහන්සේ මට ලබා දෙන එකම සැනසීම ඔබ තුමියයි.මාගේ දුබලතාව යෙදී ශක්තිය වන්නේ ඔබතුමිය යි. ක්‍රිස්තුන් වහන්සේ සමග සිටිමින්, මා මෙම බැමි වලින් මුදා නිදහස් කරන්නේ ඔබ තුමියයි.

මාගේ රක්ෂ ස්ථානය වන මෑනියනි ,මා රැකබලා ගත මැනව. මා මෙහෙයවමින් 
ආරක්ෂා කළ මැනව.

සියලු ගැටලු විසඳාලන මාරිය මාතාවෙනි, මා නිසා යාච්ඤා කළ මැනව.