කුරුසේ නැග අත් විහිදා


කුරුසේ නැග අත් විහිදා
 මුලු ලෝ තුරුලට බදලා
 සිටිනා දෙව් පුත් රඳුනේ
ඔබේ පා සිඹිමින් වදිමූ

 සිරසේ කිරුලේ මිණිසේ
බැබලේ බිඳු වැල් සිරිලේ
කුරුසේ සිටිනා දෙවිඳේ
ඔබේ පා සිඹිමින් වදිමූ

 ඔබ හා කුරුසේ නැගලා
ඔබේ දෑසින් ලොව බලලා
ඔබසේ කරුණා පාලා
කුරුසේ හිඳිනා සමිඳේ

 හිඳිනා ලෙස මා කැඳවා
කල්වාරිය මත නංවා
ඔබ හා මා හා සිටිමූ
කුරුසේ හිඳිනා සමිඳේ