සීනු හඬින් ලොව

සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ලඟ හිනැහෙනවා
ගව හලකට තරුවක් යනවා
අහසට පොළොව ගැටේ//

තරු එළියේ කඳු වැටියේ
බෙත්ලෙහෙමේ
මංගල එලියේ
මල් වැසි වසිනු පෙනේ

තටු ගෙන සුදු හිම ඉගිලෙනවා
අතු මත මුතුමෙන් බබළනවා
හිරු කැන් සුදු ඊතල වෙනවා
සැම තැන රිදී වගෙයි//

දිය සීරා කඳු පීරා
වන්නම් ගමනින් බැස එනවා
දිය බිඳු ඇඟ සොලවා