කලකට පෙර ඒ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ
පුංචි ගව මඩුවේ//
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව්මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැළි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත යන්නේ
මරිය තුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස්වූයේ
ජුසේතුමා කිසිදාකත් නෑ දෙව් අණකට පිටුපෑවේ
වටපිට රොක්වී උම්බෑ ගාමින් හරකුන් කෑ ගසති
රජ තුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරති
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැස්වරුන් බොහෝ කලකට පෙර එ කී දේ ඉන් ඉටුවූවා

Post a Comment