ශු.නිකලස් තුමා
අරක්ගත් මුණිවරයාණෝ :කුඩා දරුවන්ගේ
මංගල්‍යය දිනය :දෙසැම්බර් 6
ආයු කාලය :350 යි දී පමණ
රට හෝ ග්‍රාමය: පතාරා,තුර්කිය
ලංකාවේ දෙව්මැදුරු :බෝපිටිය, මුන්නක්කරය,විරුසවිල්
ශු.නිකලස් තුමා භක්තිමත් කතෝලික පවුලකින්, අද තුර්කිය ලෙස හදුන්වන පතාරාහි උපන්නාහ. එතුමා පුජකවරය ලැබු අතර පසුව රදගුරු තුමෙකු ලෙස පත්කරණ ලදි. දියෝකෙල්සියන් අධිරාජ්‍යයාගේ පීඩන සමයේ දී සිරකරනු ලැබ කොන්ස්ටයින් අධිරජ්යයාගේපීඩන සමයේ දී සිර කරනු ලැබ කොන්ස්ටයින් අධිරාජ්‍යයා ක්‍රිස්තු වර්ෂ 313 දී නිකුත් කළ මිලාන් ආඥාව නිසා සිරෙන් නිදහස් වුණි.වර්ෂ 325 දී පැවති නිසියා මන්ත්‍රණ සභාවට සහභාගි වූ රදගුරුතුමන්ලාගේ නාමාවලියේ එතුමාගේ නම සඳහන්ව නොතිබුණද සඳහන්ව නොතිබුණ ද එතුමා ඊට සහභාගි වී ඒරියන්
වේද භේදයට විරුද්ධව කතා කළ බව ග්‍රීක සම්ප්රදාය තුළ දැඩි ලෙස විශ්වාස කෙරේ.ඓතිහාසික කරුණු අනුව එතුමා තුර්කියේ මිර්රා හී මිය ගිය පසු එහි ආසන දෙව්මැදුරේ භුමිදාන කර ඇත.ශුද්ධ වූ පාවුළු තුමා විසින් තුර්කියේ විශ්වාසයේ සභාව ගොඩනගා ඇත. වසර දෙසීයකට පමණ පසු ජස්ටිනියන්ගේ කාලයේ එතුමාගේ මංගල්‍යය පවත්වා ඇත. දහනවවන සියවසේ දී එම ස්ථානයේ භූමිය හාරා ඇත.
එකොළොස් වන සියවසේ දී තුර්කිවරු බයිසැන්ටියන් අධිරාජ්‍යයාට ඇතුල්වීම ආරම්භ කර ඇත.වර්ෂ 1084 දි මිර්රා හි ශුද්ධ නිකලස් තුමාගේ දේහය තැන්පත් කළ ආසන දෙව්මැදුර මුස්ලිම්වරුන් යටතට පත්විය. ඔවුන් එය විනාශ නොකළත් සතුරන් අතට පත් වී තිබීම ගැන සතුටට පත් නොවූ ඉතාලියේ වෙනිස්වරුන් මෙන්ම බාරි වෙළඳුන් එම ශු .ධාතු රැගෙන ඒමට උත්සාහ කළහ. වර්ෂ එක්දහස් 1087 දී බාරි වෙළඳුන් එතුමාගේ ශුද්ධ වූ ධාතු තම නගරයට ගෙන ඇවිත් බැසිලිකාවක් එතුමාගේ නමින් ඉදි කළහ. කතෝලික මෙන්ම ඔතඩොක්ස් සභාවට අයත් වූවන්ද මෙම වන්දනා ස්ථානයට පැමිණේ.එතුමා නත්තල් සීයා ලෙස හඳුන්වනු ලැබේ.විශේෂයෙන් මෙයින් අදහස් කරනුයේ ළමුන් සඳහා තෑගිබෝග ගෙන එන සාන්තුවරයා ලෙසය .මිර්රා නගරය අසල එතුමන්ගේ ශුද්ධ වූ ධාතු තිබූ බැසිලිකාව අසල තුර්කිය රජය විසින් "santa clous" ප්‍රතිමාවක් ඉදි කර ඇත. මෙම සාන්තුවරයා හා ශාන්තුවරයා හා බැඳී ජනකතා තුනක් මෙසේ සඳහන් කළ හැකිය. පළමු ජන කතාව තුළ සඳහන් වනුයේ එක්තරා පවුලක පියෙකු ට සිටි දූ දරුවන් තිදෙනා විවාහ කර දීමට අවශ්‍ය දෑවැද්ද නැතිකම නිසා එය ලබා ගැනීමට ඔවුන් ගණිකා සේවයේ යෙදීමට පියා සිතන්නට විය .ඔවුන් අත තිබූ සියලු වත්කම් ඒ වන විට වන විට සිදී ගොස් තිබුණි. ඔවුන්ගේ දුක්බර කථාව දැනගත් නිකලස් තුමා එක්තරා රාත්‍රියක ඔහුන්ගේ ගෙදරට රහසින් ගොස් දෑවැද්දට සරිලන රන්කාසි ජනේලයෙන් දමා ඇත. ඒ මුදලින් වැඩි මහා දරුවාගේ විවාහය සිදු කරලීමට හැකි වී ඇත.එසේම අනිකුත් දරුවන් දෙදෙනා වෙනුවෙන් ද එතුමා දෙවතාවක දී රන් කාසි දැමීම කර ඇත .ඇතැම් කතා කතා අනුව තුන්වන වතාවේ රන්කාසි දමා යන විට එම පියාට එතුමා හඳුනා ගැනීමට හැකි වී ඇත.
දෙවන ජන කතාවෙන් කියවනුයේ වරක් දුර ගමනක් යන කල නිකලස් තුමාට තනායමක නවාතැන් ගැනීමට සිදුවී ඇත. තානායම් හිමියා එතුමාට ඉතා අලුත් මස් වලින් රසවත් ව්‍යාංජනයක් හදාදෙන බව කීය.එතුමා කුස්සියට ගොස් බැලුවිට අලුත් මස් වලින් පිරි විශාල ලී භාජනයක් දිටීය.එතුමා ඒවා කුරුසේ ලකුණින් ආශිර්වාද කළවිට ළමුන් තිදෙනෙකු නිර්මාණය වී ඇත.තුන්වන ජන කතාව එතුමාගේ මරණයට පසු එතුමාගේ මැදිහත් කම තුළ සිදුවූවකි.නැවක් මහා කුණාටුවකට අසුව එහි සිටි නැවියන් විනාශ වන්නට යන කල ශුද්ධ වූ නිකොලස් තුමන්ගේ මැදහත්වීම පතා යාඥා කෙරිණි.එතුමා දර්ශනය වී "ඔබ මගෙන් උපකාරී ඉල්ලුවා මම දැන් මෙහි සිටිමි "කියා ඇත.එවිට කුණාටුව සංසිදී ඔහුට ගැලවී ඇත.
Post a Comment