ශාන්ත බෙනඩික්ට් මුනිතුමා


අරක්ගත් මුණිවරයාණෝ :යක්ෂ පරීක්ෂාවලින් ජය ගැනීමට 
 ජීවිත කාලය :480 -550 පමණ
 මංගල්‍යය දිනය :ජූලි 11
 ලංකා වේ දෙව්මැදුරු:ගොඩිගමුව,නල්ලූර්, ඉදල්ගස් හින්න වයික්කාල

 ශාන්ත බෙනඩික් තුමා වර්ෂ 480 දී පමණ මධ්‍යම ඉතාලියේ ස්පොලෙටොහි නූර්සිය නගරය අසල කිතුනු පවුලකින් උපත ලැබීය .කුඩා කලම රෝමයේ අධ්‍යාපනය සඳහා ඔහුව යැවීය.එහිදී ර දී රෝමනුස් නැමැති තාපසයෙකු හමුව ලෝකයෙන් සැඟව සිටින හැටි ඉගෙන ගත්හ.බෙනඩික් තුමා ව සුබි⁣යාකෝ ලෙන කරා ගෙන ගියහ. මෙම හුදෙකලා පරිසරය තුළ වසර තුනක් ගත කළහ .රෝමානුස් තාපස තුමා ඔහුට දිනපතා ආහාරපාන සැපයූහ .එම ප්‍රදේශයේ ජීවත් වූ පූජා පූජාප්‍රසාදි කෙනෙක් සිහිනෙන් දැක බෙනඩික් වෙත පාස්කු භෝජනය ගෙනාහ.එතුමා සතුන්ගේ හම් වලින් සාදන ලද ඇඳුමක් පැළඳුවේය .එහි පැමිණි ගොපලුන් ද එතුමාට ආහාර ගෙන අතර එතුමා ඔහුනට දේව විශ්වාසය ලබාගන්නට සැලසූහ. තම තාපස දිවිය ආරම්භ කිරීමට පෙර යක්ෂයා විසින් පරික්ෂා කරමින් එතුමා හඳුනන ස්ත්‍රිය ගැන සිහිපත් කළහ .එවිට එම යක්ෂ පරීක්ෂාව කොතරම් දැනුනා ද කිවහොත් තම ආරාමය හැර ලෝකයට යන ට සිතුවේය.ඒ අතර ඇඳුම් ඉරාගෙන ළඟ තිබුණු කටු පඳුරේ පෙරලෙන්නට විය .එවිට එම පාප පරීක්ෂාව දුරුවී ගියේ ය.එතුමාගේ තාප සික ලීලාව අවට ප්‍රදේශ ප්‍රදේශ වල පැතිර යත්ම තව පැවිදි සංඝයේ මඨාධිපති වී මට එතුමාට ආරාධනා කළහ .එවිට තම ගුහාව අත ඇර සැතපුම් විස්සක් පමණ දුරින් වූ සුබි⁣යාකෝ හි විකෝචාරෝ ආරාමයට ගියේ ය.එතුමාගේ තද නීති දැක තම සොහොයුරන් වයින් වට විෂ දමා එතුමා මැරීමට තීරණය කළහ.එම වයින් වීදුරුව ආශිර්වාද කළ පසු පුපුරා ගියේ ය.එය දැනගත් බෙනඩික් තුමා තමනට ගැළපෙන කෙනෙක් උන් නායකත්වයට පත්කරන ට කීහ.නැවත සුබි⁣යාකෝ ස්ථානයට ගියේය. සැබෑ තාපස දිවිය ගත කරන්නට කැමති වූවන් එතුමා වටා රොක් වූහ.දොළොස් දෙනා බැගින් වූ ආරාම 12 ක් ආරම්භ කළහ.රෝම ප්‍රභූන් අධ්‍යාපනය සඳහා තම දරුවන් එතුමා වෙත යැවී ය. බෙනඩික් තුමා සෑදු නීති ව්‍යවස්ථාව නැගෙනහිර කාන්තාරවල ජීවත් වූ කාන්තාර වල ජීවත් වූ අාරණ්‍ය වාසීන්ගේ පැවැත්මට වඩා වෙනස් විය. ඒවා අනවශ්‍ය ශරීර තලා ගැනීම වෙනුවට, දෙවියන් වහන්සේ සොයන සාංඝික ක්‍රමයක් තුළ විය.ඊට විරුද්ධව ෆෙලාරෙන්ටියුස් නැමැති අසල්වැසි පූජක තුමෙකු බෙනඩික් තුමා මරන්නට විෂ කැවූ පාන් පෙත්තක් දීමට කටයුතු කලද එය සාර්ථක නොවීය.එවිට බෙනඩික් තුමා පවතින තත්වෙ තත්ත්වෙ තේරුම් ගෙන තම සංඝය සමග මොන්තේකසීනෝ ස්ථානයට පැමිණ කන්ද මුදුනේ අපොල්ලොට කැප කර තිබූ දේවාලය යාඥා ගෘහයක් බවට පත්කර ශු. මාටින් තුමාට කැප කළහ.තම සොහොයුරිය වූ ශුද්ධ ස්කොලස්ටිකා තුමිය ද ඒ අසලම සෑදූ ආරාමයට පැමිණියහ . අවුරුදු හැත්තෑ දී රෝගාතුරව මරණාසන්න විය.බෙන්දිකාන තාපසයෙකු වන ශුද්ධ වූ මහා ගෙගරි පාප්තුමාට දන්වන ලද බෙනඩික් තුමා මැරෙන දිනයේ තාපසයන් දෙදෙනෙක් විශේෂ දර්ශනයක් දැක ඇත.එනම් ආලෝකමත් ශත වර්ෂයේ පමණ සිට යක්ෂ මායම් වලින් ගැලවීම සඳහා බෙනදිකාන පදක්කම් පළඳින්නට විය .එහි එතුමා එක අතකින් ශුද්ධ වූ කුරුසය ද අනිත් අතින් ව්‍යවස්ථා පොත ඇතිව සිටි එතුමාට විසදීමට දෙවරක් කළ වෑයම සිහි ගන්වන කෝප්පයක්ද එහි සලකුණු කර ඇත.