ශුද්ධ පේදුරු අපෝස්තුළුතුමා
අරක්ගත් මුණිවරයාණෝ :ධීවරයන්ගේ, මාළු වෙළෙඳුන්ගේ,ඔරලෝසු නිපදවන්නන්ගේ, දොරටු පාලකයන් ගේ, යතුරු තහඩු නිෂ්පාදකයන්ගේ, මෙන්ම පාප් ධූරයේ,
ජීවිත කාලය:වර්ෂ 64 දී ප්‍රාණ ප්‍රාණපරිත්‍යාගී විය.
මංගල්‍යය දිනය:ජූනි 29 , පෙබරවාරි 22
(පේදුරු තුමා ගේ ආසනය)
උපන් ග්‍රාමය:කපර්නාවුම්,ශුද්ධ දේශය
ලංකාවේ දෙව් මැදුරු :මීගමුව ,කොළඹ ජාතික රෝහල,මුලතිව්
ලතින් නාමය අර්ථය:පර්වතය
පේදුරු තුමා ධීවර රැකියාවේ යෙදෙන අතර අපෝස්තුළුවරුන් අතර ප්‍රධානියා ද ප්‍රථම පාප් තුමා ද වේ.ගලීල මුහුදේ ධීවර රැකියාව ඊයෙ දීමෙන් තම සොහොයුරු අන්දෝ ,සෙබදී ගේ පුතුන් වන ශුද්ධ වූ ජාකොබ් තුමා සහ ශුද්ධ වූ ජුවාම් තුමා ද සමග එක් ව කටයුතු කළහ.කපර්නාවුම් ග්‍රාමයේ තම භාර්යාව සහ නැන්දම්මා සමඟ ජීවත් වූහ.පේදුරු සහ අන්ද්‍ර යන දෙදෙනා තෝරාගත් ජේසු තුමා ඔහු "මිනිසුන් අල්ලන්නන්"' කරන බව පැවසීය.
එතුමාගේ මුල් නාමය සීමොන් ය.ජේසු තුමා ඔහුගේ නාමය පේදුරු එනම් greek බසින් 'පර්වතය' ලෙස වෙනස් කළේය . එතුමා නිතරම අපෝස්තුළුවරුන් දොළොස් දෙනාගේ කතාකාරයා විය.පළමු ශුද්ධාත්ම මංගල්‍යයෙන් පසුව පේදුරු තුමා පළමු කිතුනු ජනතාවට දේශනා කළේ ය .
පේදුරු තුමාට ශුද්ධ වූ සභාවේ නායකත්වයේ වගකීම ජේසු තුමන් පැවරූ බව සභා විශ්වාස කරන්නීය.මෙය මතු මතු සුවිශේෂයේ ලියැවී ඇති කරුණු අනුව සනාථ වේ.මතෙව් සුවිශේෂය ලියැවී ඇති විස්තර වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ මොගොප්පූවේ ඇතුළු පැත්තේ ද ලියා ඇත.
පේදුරු තුමා ජේසු සුළඟට මුහුද මත ඇවිද ගෙන ගියේය.ක්‍රිස්තුන් වහන්සේ ගේ අන්‍ය රූප විලාස වීමේ දී ගෙත්සෙමෙනි යේ දී ද උන්වහන්සේ සමඟ සිටියේ ය.තුන් වතාවක් උන්වහන්සේ ප්‍රතික්ශේප උන්වහන්සේ ප්‍රතික්ශේප කළ ද උත්ථානයෙන් පසු කිහිප විටක්ම ජේසු තුමාට දර්ශනය වූ සේක.පේදුරුට පැවරූ තුන් කාරය නම් මාගේ "බැටළු පැටවුන් පෝෂණය කරන්න" මාගේ බැටළු එඬේරා ගන්න වන්න" මාගේ බැටළුවන් පෝෂණය" කරන්න යනුයි.
ක්‍රිස්තුන් වහන්සේ ස්වර්ගාරෝහණය වූ පසුව අපෝස්තුළුවරුන් අතර පළමු ප්රාතිහාර්ය සිදු කළේ පේදුරු ය.ශුද්ධවු පේදුරු තුමා නිතරම ඊශ්‍රායල් හි ජුදා කිස්තියානි සමඟ සිටි ශ්‍රාවකයෙකි.ඔහු යොදා චාරිත්‍ර වාරිත්‍ර අගය කළහ.මෝසෙස් කී නීතිය වෙනස් කිරීමට තැත් කළාය කියමින් කළ චෝදනාවට ඔහු එකඟ නොවීය.එම නිසා සභාවට හැරුණු ග්රීකවරුන් සමග අපහසුතාවයට පත්විය.කොරනේලියස් මැදිහත් වීමත් සමග සියල්ලන් සභාවට පිළි ගැනීමට පියවර ගත්හ.හෙරෝද් අග්‍රිපා මහා ජාකොබ් තුමා ව ජෙරුසලමේ දී ඝාතනය කිරීමත් සමග පේදුරු තුමාව සිර අඩස්සි කරන ලදී .රාත්‍රියේ දී දර්ශනය වූ දේව දූතයෙකු විසින් නිදහස් කරන ලද්දේ ඉන් පිට මං විය .පසුව ජෙරුසෙලම් සභාව මහා ජාකොබ් තුමා ට පවරාදී ,අන්තියෝකියේ සභාව ආරම්භ කර ඇති බව ඔරිගන් නමැති
දේව ධර්මය ද ඉතිහාසඥයෙකු වන එවුසේබියස් ද පවසති .ශුද්ධ වූ පාවුළු තුමා ගලාති වරුන්ට ලියූ ලිපියේ පේදුරු තුමා අන්තියෝකියේ සිටි බව ද දැක්වේ .
ශුද්ධවු පේදුරු තුමා කුමන කාලයේ රෝම යට පැමිණියේද යන්න හරියාකාර ව නො දනිමු .නීරෝ අධිරාජයා ගේ පීඩන සමයේ දී එතුමා ව අල්ලා ගන්නා ලදී.පාවුලු තුමා ව රෝමන් ෆෝරුම් අසල ගුහාවක් වූ මාමෙටින් සිරකුටියේ සිර කරන ලදි .දෙවන සියවසේ ලියැවුණු ප්‍රසිද්ධ නොකල "පේදුරු තුමාගේ ක්‍රියා"පොතට අනුව පීඩන සමයේ එතුමාට බේරී යන ලෙස රෝම කිතුනුවන් ඉල්ලා ඇත . එතුමා අප්පියන් මාර්ගයේ දුව යන විට කිතු තුමා රෝමයට එනු දැක "ස්වාමීනි කොයිබටද" යන්න පේදුරු තුමා අසා ඇත."මම රෝමයට යමි" ජේසු තුමා පිළිතුරු දී ඇත.එය ඇසූ පේදුරු නැවත හැරී රෝමයට ගියේ සමිඳුන් වෙනුවෙන් ප්‍රාණ ප්‍රාණපරිත්‍යාගී වීමටය.
අද සාන්ත පීතර චතුරශ්‍රයේ එනම් එදා රෝම පවුරෙන් එහා වූ රංග භූමියේ දී පේදුරු තුමාව කුරුසයේ ඇනගසා ඇණ ගසා මරණයට පත් කර ඇත .හිස පහතට සිටින සේ ඇණ ගැසීමට එතුමා ඉල්ලා සිටියේ ය .එකල මුල් කිතුනුවන් වතිකානු ගෙල මත වූ සුසාන භූමියේ තුමා භූමිදාන කරති.වර්ෂයේදී පමණ ක්ලිටස් පාප් තුමා පේදුරු තුමාගේ සොහොන මත "Tropaian" ලෙස හඳුන්වන සිද්ධස්ථානය ගොඩනැගූහ.
තුන්වන සියවසේ පීඩන සමයේ දී ආරක්ෂාව පිණිස ශුද්ධවු පේදුරු තුමා හා පාවුලු උතුමන්ලාගේ ශුද්ධ වූ ධාතු සාන්ත සෙබස්තියන් කැටකුම්බ් එකේ තැන්පත් කරති.හතර වන සියවසේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා එම ශුද්ධ ධාතු එතනින් ගෙනවිත් ශාන්ත පීතර බැසිලිකාවක්, රෝම පවුරෙන් එහා ශාන්ත පාවුළු ප බැසිලිකාවක් ගොඩ නැගූහ.වර්ෂ 1941 දී ශාන්ත පීතර බැසිලිකාවේ මහා අල්තාරය භූමියේ කැණීම් කරන කළ කළ පේදුරු පේදුරුතුමාගේ සොහොනින් ඇටකටු සම්භ වී ඇත.බොහෝ පරීක්ෂණ වලට පසුව 1968 දී VIවන පාවුළු පාප් තුමා එම ශුද්ධ වූ ධාතු ශුද්ධවූ පේදුරු තුමා ගේම බව ලොවට ප්‍රකාශ කළ හ .

Post a Comment