ශුද්ධවූ ජුසේ මුනිතුමා

අරක්ගත් මුණිවරයාණෝ :යහපත් චින්තනයේ,සුභ මරණයේ, අධ්‍යාපනයේ, පවිත්‍ර ජීවිතයේ,ක්‍රිස්තියානි පවුලේ,
 මංගල්‍යය දිනය :මාර්තු 19,මැයි 1
 ආයු කාලය:පළමු සියවස 
 රට හෝ ග්‍රාමය :ශුද්ධ වූ දේශය
 ලංකාවේ දෙව් මැදුරු :බොහෝ ඇත 
 සභාවේ මුල් යුගවල පැවති සභා විරෝධී මත නිසා ශු.ජුසේ මුනි බැතිය වසර 1400ක් පමණ ප්‍රමාද විය.මන්ද සභා හා විරෝධ මත දරන්නන් තුමාගේ දේවත්වය පිළිබඳව ද ප්‍රශ්න කළ අතර සභාව ඊට පිළිතුරු දුන්හ.මෙතුමා වෙනුවෙන් මංගල්‍ය දෙකක් මාර්තු 19 සහ සහ මැයි 1 වන දින පැවැත් වීම විශේෂත්වයකි. මාධ්‍ය තුමාගේ සුවිශේෂයේ සඳහන් වන පරිදි ජේසුස් වහන්සේගේ වංශාවලිය තුළ ජාකොබ්ට දාව මරියතුමියගේ පුරුෂයා වූ ජෝසෆ් ද උපන්නෝ ය (මතෙව් 1:16)එතුමා සත්පුරුෂයකු බව මත යුතු මා සදහන් කරයි .(මතෙව්1:19)එසේ ම එතුමා දාවිත් රජ පරපුරෙන් පැවත එන්නෙක් වන අතර ගලීලයේ නාසරෙත් නුවර විසු තැනැත්තෙකි.දේව දූතයා ක්‍රිස්තු උපත දැනුම් දුන්නේ ජෝසප් නම් ලත් මනුෂ්‍යයකු හට විවාහ ගිවිස ගෙන සිටි කන්‍යාවක් වන මරියාවන්ටය.එතුමා බෙත්ලෙහෙම් වැසියකු වූ අතර වඩුවැඩ කිරීමේ රැකියාවේ යෙදුණේය. ඔත්තෝ හොපන්ස් තම "marry our bless lady"පොතේ පිටු අංක 57 සඳහන් කරන ලෙස ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ දේව සැලසුම නොදැක තම විවාහ දිවියේ පූර්ණ බන්ධනය තුළ ජුසේතුමා හා මරියතුමිය විවාහ ගිවිසුමට ඇතුළත් වී ඇත .පසුව දෙදෙනාම දේව සැලසුම හඳුනාගෙන හඳුනා ගෙන ජීවත් වූ බව සුවිශේෂි කවරුන් පෙන්වා දෙයි.දෙව්මව් ට මංගලම් කීමේ සිද්ධිය සිද්ධියට පසු එතුමිය ගැබ් ගෙන ඇති බව දැන ගත් ජුසේතුමා එතුමිය අතහැර යාමට සිතුවද දේව සැලැස්ම තුළ එතුමිය බාරගත්තු ජුසේ තුමා ශුද්ධ වූ පවුල ගොඩ නැගීය.එතුමා සැබැවින්ම පූර්ණ විවාහ ජීවිතයට ඇතුළු ව තමන් නොදත් දේව සැලසුම අනාවරණය කර ගැනීමත් සමග ජේසුගේ ආරක්ෂක පියා ලෙස මුළු ජීවිතයම කැප කළහ.ජේසු තුමා තම ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරන්නට පෙර ජුසේ තුමා මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ එතුමා ගැන සඳහන් වෙන "සත්පුරුෂයෙකි "යන වචනය තුළින් ජුසේ තුමාගේ ශුද්ද වන්ත ජීවිතය ගැඹුරින් ම විග්‍රහ කර ඇත. පෙරකල ඊජිප්තුව එංගලන්තය සහ ජර්මනියේ ජුසේ තුමා පිළිබඳ භක්තිය ඉතා සුළු වශයෙන් වෙන් වෙන්ව පැවති බව දක්නට ලැබෙන අතර වර්ෂ එක්දහස් 1479දී IVවන සීක්ස්ට්ස් පාප් තුමා (1971-1484)විසින් මාර්තු 19 වන දින ජුසේතුමාගේ මංගල්‍යය පැවැත්වීමට අවසර දීමත් සමඟ ජුසේ මුනි බැතිය ප්‍රචලිත වන්නට විය.ප්‍රැන්සිස්කන් නිකාය කාමලයිට් නිකාය සහ ජේසු නිකාය ජේසු මුණි බැතිය පතුරවන්නට දායකත්වය ලබා දී ඇත.අවිලා හි ශුද්ධවු තෙරේසා තුමිය ද (1515-1582)ශුද්ධ ජුසේ තුමාගේ මැදිහත් වීම ගැන සඳහන් කර ඇත.වර්ෂ එක්දහස් පන්සියය පනස් පහේ දී ජුසේ ජුසේතුමා මැක්සිකෝවේ ආරක්ෂක මුනිවරයා ලෙස නම් කරනු ලැබූ අතර 1678 දී චීන මිසනාරි සේවාවේ ආරක්ෂක මුනිතුමා ලෙස නම් කරන්නට යෙදුණි. සියළු ශුද්ධවන්තයන්ගේ ප්‍රාර්ථනයට එතුමාගේ නාමය ඇතුළත් කෙරිණි.එසේ ම භාග්‍යවත් IV වන පියුස් පාප්තුමා විසින් 1870 දී ජුසේතුමා ව විශ්ව සභාවේ ආරක්ෂක මුනිවරයා ලෙස නම් කරන්නට යෙදුණි. පැය 8ක සේවා කාලයක් ඉල්ලා එක්දහස් අටසිය 1886 දී ඇමරිකානු කම්කරුවන් ගෙන ගිය අරගලය මැයි දිනය ආරම්භ වීමට හේතු විය. මෙම අරගලයේදී කම්කරුවන් අට දෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණි. මෙම අරගලය මෙහෙයවූ නායකයාට නඩු පවරා හතර දෙනකු එල්ලා මැරූ හ.එක් අයෙක් ඊට පෙර මීට පෙර සියදිවි නසා ගත්තේය .තව දෙදෙනෙකුට වසර පහළොවක සිර දඬුවම් නියම කෙරුණි.මෙම අරගලය නිසා එතෙක් වූ දිනකට වැඩ කළ පැය 18 හෝ 16 පැය අටක් කරන ලෙස කළ ඉල්ලීම අද ඉටු ඉටු වී ඇති බව දක්නට ඇත.මැයි එක ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් ප්‍රකාශයට පත් කළේ ෆෙඩ්රික් එංගල්ස් ය. සුදු සභාව ද මෙම අරගලයට නිසි තැන දෙමින් මැයි පළවෙනිදා ජුසේ තුමා නමින් වෙන් කර මංගල්ලයක් ආරම්භ කළහ. කොමිනියුස්ට් වාදයට විරුද්ධව සටන යෙදී මැයි පළ වන දින වැඩකරන ජනතාවගේ දින බවට පත් කරමින් එදින ජුසේ මොන විශේෂ මංගල්ලයක් ලෙස XII වන පියුස් පාප් තුමන් විසින් ප්‍රකාශයට පත් කළහ.XII වන ජුවාම් පාප් තුමා usaveජුසේ මු නාමය දිව්‍ය පූජාවේ රෝම කැනන් එකට ඇතුළත් කළහ. ඉතාලි ජාතිකයින් ජුසේ මුනි මංගල්‍යය දිනය පියවරුන්ගේ දිනය ලෙස සමරති .