ශුද්දවූ ජෝන් බැප්ටිස් දලාසාල් මුනිතුමා

ජීවිත කාලය :1651-1718
මංගල්‍යය දිනය :අප්‍රේල් හත
උපන් ග්‍රාමය :කැම්පගන්,ප්‍රංශය
හේබ්‍රෙව් නාමයේ අරුත:දේව තිළිණය, දේව කරුණාව.
ලූවිස් ඩී ලාසාල් සහ නිකොලෙ ඩී මොඑට් ඩී
බ්රොයුඉල්ලට් යන දෙමාපියන් බැප්ටිස්ට් තුමාව ආගමික ලෙසත් විනයානුකූලව ලෙස හදාවඩා ගත්හ .වර්ෂ එක්දහස් 1678 දී එතුමා රේම්ස් හී ආසන දෙව් මැදුරේ දෙව් මැදුරේ කැනන් වරයෙක්ව කටයුතු කළේය.මේ සියල්ල වෙනස් වූයේ දුප්පත් ළමුන් සඳහා විදුහල් හතරක් පිහිටු වූ රෙම්ස් හිදී විදුහලක් ආරම්භ කිරීමට ආශා කළ ඒඩ්‍රියන් නියෙල් නැමැති ගිහියෙකු මුණ ගැසීමත් සමගය .පළමුව ආධාරකරුවෙකු ලෙස උදව් කළේ ය.පසුව ගුරුවරුන් පුහුණු කරගෙන ලෙසද එතුමාගෙන් ඉල්ලීම නිසා ඔහු එක් එක්රැස් කරගත් බැප්ටිස්ට් තුමා දරුවන්ට අධ්‍යාපනයේ දී මේ නව ක්‍රමවේදයන් ක්‍රමවේදයන් සොයන්නට වන්හ.
සාන්ත ජෝන් බැප්ටිස්ට් දලාසාල් මුනිතුමා ප්‍රංශයේ මීසම් වල පෞද්ගලික හා රජයේ පාසල්හි අධ්‍යාපනයේ දියුණුව සඳහා ඉමහත් සේවයක් කළේය.ද ලාසාල් තුමාගේ ක්‍රමවේද වූයේ සාමාන්‍ය දක්ෂතා පාඨමාලාවට එක් කර ඒවා ඉතා උසස් සංකීර්ණ මට්ටම් දක්වා ගෙන ඒමයි.විවිධ ක්‍රම තුළින් දරුවාට පාඩම් ඉතා සමීප කිරීම ගුරුවරුන්ගේ සුවිශේෂ වගකීම් බව එතුමා පෙන්වා දුන්හ.පළමුව දරුවන් තම මව් මව් භාෂාවෙන් කියවීමට පුරුදු පුහුණු කළ යුතු බව අනිවාර්ය කළේය.දෙවනුව ලදින් භාෂාව ඉගෙන ගත හැකි බව ද පැවසූහ.පසුව අත්පොත කියවා ඉගැන්වීමට වඩා ප්‍රශ්න ඇසීම හා පිළිතුරු දීමේ ක්‍රමවේදය ඉතා සුදුසු බව එතුමා විශ්වාස කළේය.තම සහෝදර සංඝය "ක්‍රිස්තියානි පවුල් සහෝදරවරු" යන නාමයෙන් හැඳින් වූයේ තම ඉගැන්වීම් පටි පාඨයේ ක්‍රිස්තු ධර්මය හා සුචරිත පුහුණුව තම ඉගැන්වීම් ක්‍රමය වැදගත් ස්ථානයක් ගත යුතු නිසාය.ගුරුවරුන් හා සිසුන් දිව්‍ය පූජාවට සහභාගි කළහ.

වර්ෂ 1886 දී මෙම නිකායේ සහෝදරතුමන්ලා ලංකාවේ සේවය කොටහෙනෙන් ඇරඹූ අතර මෝදර කේන්ද්‍ර කරගනිමින් කඳාන,මන්නාරම,මොරටුව, රාගම,කුරුණෑගල,නුවරඑළිය, ප්‍රදේශ වල ඉමහත් සේවයක් කරනු දක්නට ලැබේ .
Post a Comment