අප රට වෙනුවෙන් දේව මෑණියන්ට යාච්ඤාව
අහෝ !දයාබර සෙනෙහෙවන්ත මෑණියනී,ශ්‍රී ලංකා රාජේවරිය හා අප ආරක්ෂිකාවෙනි,මේ තීරණාත්මක මොහොතේ දී අප නිහතමානීව හා බැගැපත්ව අයද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනී,යුද්ධ සංග්‍රාම වලදී හා අනේකා කාර අනතුරු වලදී ඔබ අප සහයට වැඩියා නොවේද?ඔබගේ නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහිකරමින් ඔබේ සෙනෙහෙබර ආරක්ෂාවට අප රට සියලු ජාතීන් ඔබට භාර කරමු. අප රට තුළ සහෝදරත්වය සාමය හා එකමුතුකම ගොඩනැගීමට සහය වුන මැනව. අප රටේ සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍ය අපට ලැබේවා!
ආමෙන්.
ආමෙන්.
Post a Comment