අම්මා පුදන්නයි


අම්මා පුදන්නයි දරු අප එන්නේ 

ලස්සන තුරු ලිය පවනේ ලෙලෙන්නේ
සැම දෙන කුසුමින් හිනැහි බලන්නේ
දරු කැල මල් ගෙන මව වෙතැ එන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ//

 මද නල දස අත ගත පිනවන්නේ
අම්මගේ ආද⁣රේ අපට කියන්නේ
දරු කැළ බැතියෙන් හද ඔසවන්නේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ //

 සුසුදු නිමල මව් සරණෙ පතන්නේ
ඔබ දරු දැරියන් රකින්න පෙමිනේ
දින දින දෙව් පෙම වඩමින් සොදිනේ
අම්මා පුදන්නයි දරු අප එන්නේ //