අති උතුම් සන්තියාගෝ තුමන්ට යාච්ඤාාව.

ඔබ වහන්සේ මිහිපිට වසන කල ගර්ජනා ත්මක ජ්වලිතකමින්ද, සගපුරේ සිට ශු.සභාවේ වීර වරයාණන් වශයෙන්ද නො යෙකුත් අවස්ථාවන් හි ක්‍රිස්තියානි රණබිමේ දර්ශනය වී කුරුසියේ සතුරන් සුනුවිසුනු කර අධෛර්යය වූ විස්වාසකයින්ට ජයග්‍රහණය පෙන්නූ සේක් වේද! ක්‍රිස්තියානියන්ගේ අචල ශක්තියෙනි. ඔබ වෙත විශ්වාසයෙන් අඩගසන්නවුන්ගේ සුරක්ෂිත රක්ෂාවරණයෙනි.අප හාත්පසින් වටලා ඇති අන්තරායෙන් දැන් අප ආරක්ෂා කළ මැනව.
ඔබේ මැදහත් කමින් අප ස්වාමීන් වහන්සේ, අපට උන්වහන්සේ ශුදධවු ප්‍රේමයත්,පිතෘ භක්තියත් ධර්මිශ්ඨකමත්,සාමයත්,දෘශ්‍යමාන අදෘශ්‍යමාන ,අපේ සතුරන්ගෙන් ජයග්‍රහණයත්,දෙවා වදාරණ සේක්වා.මේ සියල්ලටම වඩා සුරදුතයන් සහ ශුද්ධවරයන් සමග දිනක මොක් පුරේ දෙවියන් වහන්සේ දර්ශනය කිරීමෙත් ,භුක්ති විදීමෙත් භාග්‍යය අපට ලැබේවා.
ආමෙන්
Post a Comment