ජේසුතුමන්ට ඉතා බලවන්ත යාච්ඤාවක්
ජේසුනි, ඔබ වහන්සේගේ සර්ව බලධාරී වු ශ්‍රී හස්තය කෙරේ, අප්‍රතිහත විශ්වාසයෙන් හා භක්තියෙන් මම මේ මොහොතේ ඔබේදෙපාමුල සිට මාගේ හදපත්ලෙන්ම පිහිට අයැද සිටිමි. සර්ව යහපත්කමේ උල්පත වු ත්‍රිත්වයනි, මා අත් නොහරිනු මැනවි. මේ මොහොතේ දී මගේ සිතට බෙහෙවින් අවශ්‍ය වී ඇති සැනසීම දානය කිරීමට සර්ව බලධාරී වු ඔබ වහන්සේගේ ශ්‍රී දෑත් ඔබගේ කැමැත්තෙන්ම මා වෙත දිගු කළ මැනවි. (ඉල්ලීම් 3ක්බඉල්ලන්න) මාගේ දෙවිඳුනි, මා වෙනුවෙන් නිරන්තරයෙන් පීඩා විඳින ඔබ වහන්සේ, ඔබ වහන්සේගේ තුවාල වුණු, සිදුරු වුණු, ශ්‍රී හෘදයෙන් මාගේ මේ හෘදයාංගම ඉල්ලිම් පිළිගත මැනව. එබ වහන්සේගේ දිව්‍ය ශක්තියෙන්, මා කෙදිනකවත් දුබල වී ජීවනගමනේ ඇද වැටිමට ඉඩ නොතබනු මැනවි. සර්ව බලධාරී වු ජේසුනි, මෝකෂ රාජධානියේ සෙවනසොයන්නට මට සැමදා පිහිටවුව මැනව. මාගේ ඉල්ලීම් ඉටුකර දුන් ඔබවහසෙගේ දිව්‍ය හෘදයට සදා මහිමයත්, ප්‍රශංසාවත්, ගෞරවයත් සදහටම අත්වේවා.
(මෙය ඉතා බලවත් යාච්ඤාවකි. සිකුරාදා දිනක ආරම්භ කර නොකඩවා දින 15ක් ඉටි පන්දමක් දල්වා කියන්න. යාච්ඤාවෙන් පසු එය නිවන්න. අවසාන දින ඉටිපහන දිගටම දැල්වෙන්නට ඉඩ හැර ඉබේ නිවෙන්නට හරින්න. ඉල්ලීම කොපමණ දුෂ්කර වුවත් බලාපොරොත්තු වූ පරිදිම ඒවා නොවරදවාම ඒකාන්තයෙන්ම ඉටුවේ. මෙය ප්‍රසිද්ධ කරන්න. ස්තුති දීමකි.)
Post a Comment