මුළු ලෝකය ජේසු තුමන්ගේ දිව්‍ය හෘදයට කැපකිරිමේ යාච්ඤාව

බොහෝ ජනයෝ කවරකලවකවත් ඔබ නොගත්තෝය. බොහෝ දෙනාද ඔබගේ පණත් හෙළා දැක ඔබ ප්‍රතික්ෂේප කළෝය. අති දයාබර ජේසුනි! ඔවුන් සමස්තයන්ට ඔබ දයානුකම්පාවී ඔබගේ දිව්‍ය හෘදය කරා ඔවුන් ගෙන්වා වදාළ මැනව.
ස්වාමිනී, කොයකලකදිවත් ඔබගෙන් ඉවත්ව නොගිය විශ්වාසකයින්ට පමණකුත් නොව, ඔබට පිටුපා ගිය අකීකරු දරුවන්ටත් ඔබ රජාණන් වන සේක්වා. ඔවුන් කාලකණ්නි කමින්ද, සාගින්නන්ද විනාශ නොවන සැටියට ස්වකීය දෙවිපියාණන්ගේ ගෘහයට වහාම නැවත හැරී එන මෙන් කරුණා කළ මැනව.
වැරදි මත වලින් රවටනු ලැබු නොහොත් ස්වකීය ඇල්මවලින් මුලාවී ගියවුන්ටත් ඔබ රජාණන් වන සේක්වා! එකම බැටළු රැලක්ද, එකම එඩේරෙක්ද වෙන සැටියට සත්‍යතාවයේත් විශ්වාස ඒකත්වයෙත් වරායට ඔවුන් ගෙන්වුව මැනව.
ස්වාමිනී! ඔබගේ ශුද්ධවු සභාවට ස්ථිරවුද, බාධා නැතිවුද, නිදහස දුන මැනව. සියලු දේශ ජනයන්ට නිසි ක්‍රමය හා සමාදානය දෙවා වදාළ මැනව. මේ ලෝකයේ සීමාවෙන් සීමාවට සෑම තැන්හි අපට ගැලවිම සම්පාදන කළ දිව්‍ය හෘදයට ප්‍රශංසා ලැබේවා. උන් වහන්සේට මහිමයත් ගෞරවයත් සදාකල්හි ලැබේවායි සමස්තයෝ එකම ශබ්දයෙන් කියත්වා.
ආමෙන්.
Post a Comment