පාදුවාහි ශුද්ධවූ අන්තෝනි මුනිතුමා
අරක්ගත් මුණිවරයාණෝ :නැති වූ දේ සොයා දෙන.
මංගල්‍යය දිනය :ජූනි13
ආයු කාලය :1195-1231
රට හෝ ග්‍රාමය :ලිස්බන් පෘතුගාලය
ලංකාවේ දෙව් මැදුරු:කොච්චි කඩේ (කොළඹ මහනුවර පිටකෝට්ටේ දළුපොත ආදී ස්ථාන
පාදුවාවේ ශුද්ධ වූ අන්තෝනි තුමා ඉතාලි ජාතිකයෝ ජාතික වන අතර ජාතික වන අතර පෘතුගාලයේ ලිස්බන් නුවර වර්ෂ 1195
දී මාටින් සහ මරියා බුල්හොම් දාව උපන්නාහ එතුමාගේ ක්‍රිස්තියානි නාමය ෆර්ඩිනන් ය.ප්රැන්සිස්කන් නිකායට බැඳීමත් සමග අන්තෝනි යන නාමය ගත් අතර ඉතාලියේ පාදුවා නගරයේ මිය ගිය නිසා පාදුවාහි ශුද්ධවූ අන්තෝනි මුනිතුමා ලෙස හැඳින්වේ .එතුමා උපන් ගෘහය ලිස්බන් නගරයේ ආසන දෙව්මැදුරට ආසනයේ වූ අතර අද එහි දෙව් මැදුරක් තනා ඇත.II වන ජුවාම් පාවුළු පාප් වහන්සේද එහි ගොස් යාඥා කළහ.
අන්තෝනි මුනිතුමා ව ආසන දෙව් මැදුරේ විදුහලට යැවීමට තරම් ආර්ථික ශක්තියක් තිබෙන්නට ඇත.දෙමාපියන් දුප්පත්තු සිටියා නම් ඔහුව ආර්ථික සහනය ලබන ව්‍යාපාරයක යෙදවීමට ඉඩ තිබුණි.තමාට දේව කැඳවීමක් තිබෙන දැන16 වන වසරට පැමිණෙත්ම වසරට පැමිණෙත්ම නගර පවුරෙන් එහා වූ අගෝස්තීනු නිකායට ශාන්ත වින්සන්ට් ආරාමයට ඇතුල් විය.එම ආරාමය තම පවුලේ අයට සහ ඥාතීන්ට ආසන්න බැවින් බොහෝ දෙනා බැහැ දකින්නට ආ නිසා යාඥා හා අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වූයෙන් කොයිම්බ්රාහී ශුද්ධවූ කුරුසියේ ආරාමයට යන ලෙස ඉල්ලීය.වසර අටක් බයිබලය හා ආදි පිතෘ න් ගැන ඉගෙන ගත්හ.වර්ෂ 1220 මොරොක්කෝ හි සුල්තාන් විසින් ප්‍රාණ පරිත්‍යාගය භාවයට පත් කරන ලදී.ප්රතිසස්කරුවන් පස් දෙනකුගේ සිරුරු පෘතුගාලයේ රජු වූ පෙදෝ කොයිම්බ්‍රා ඒ නගරයට ගෙන්වා ගත්හ.මුස්ලිම්වරුන් ක්රිස්තියානියට ගැනීමට හමුදාව යැවීමට වඩා තම ප්රැන්සිස්කන් පියවරුන් යැවීම සුදුසු යැයි අසීසියේ ශුද්ධ ප්‍රැන්සිස් තුමා සිතූහ.එසේ ගිය පියවරුන් වන්නේ බර්නාඩ්, පීටර්,ඔඩෝ සහ අකුරසියෝ,අජුස්ටස්යන සහෝදරයන් දෙදෙනා ය.එය දැනගත් ෆර්ඩිනැන්ඩි ප්‍රාණපරිත්‍යාගී වීම ට ආශාවෙන් ප්රැන්සිස්කන් නිකායේ නිකායට බැඳීමට අවසර පැතීය ඊට අවසර ලැබුණු පසු අන්තෝනි යන නාමය ලබා මොරොක්කෝවේ හි ධර්ම ප්රචාරක කටයුතුවල යෙදී යෙදෙමින් එහිදී එතුමාට වැළඳුණු තද බල රෝගය නිසා තම රටට ඒමට නැවුම් නැව් නැග්ගද එය කුණාටුවකට හසුවී සිසිලිි දූපතේ මෙසිනා නගරයට නගරයට සේන්දු විය.
එතුමා මෙසීනා නගරයට පැමිණෙන විට වර්ෂ 1221 දී ප්රැන්සිස්කන් නිකායේ මහා චප්ටර් එක එහි නැවතීමට ආසන්න තිබුණ.
එහිදී ප්‍රැන්සිස් තුමා සිටිය ද සිටියද මුලසුන නියෝජ්‍ය නායකයා එළියාපියතුමාට දී තිබුණි.එතුමන්ලා අන්තෝනි තුමා හෝ එතුමාගේ උගත්කම දැන නොසිටි අතර උතුරු ඉතාලියේ ෆෝරල් ප්රැන්සිස්කන් ආරාමයේ ගෘහසේවක පියතුමකු ලෙස යවන ලදී. එතුමා එහි යන කල පූජකවරයෙක් ප්‍රදානයක් සූදානම්ව තිබූ අතර එහි දේශනය සඳහා කිසිවකු නම් කර නොතිබුණි.එහිදී ප්රැන්සිස්කන් ශ්‍රේෂ්ඨ තුමා අන්තෝනි තුමා ට අණ කරමින් කූඩුවට නැඟ දේශනා කිරීමට කී ය .එහි සිටි කවුරුත් ,සූදානමක් නැති පියතුමා ගෙන් හොඳ දේශනයක් බලාපොරොත්තු නොවීය .නමුත් දේශනය අසා රදගුරුතුමා රදගුරු තුමා ඇතුළු හැම දෙන විශ්මිත වූහ.
අන්තෝනි තුමා ගේ දේශනා වාදී හැකියාව කොතරම් ද යත්,නූගත් අයට පවා දේව ධර්මය හොඳින් අවබෝධ කර ගැනීමට හැකි විය.පසුව එතුමාගේ දේශනා ඇසීමට බාල මහලු උගත් නූගත් දුප්පත් පොහොසත් ගොවීන් කම්කරුවන් සෑම තම වැඩ කටයුතු පවා පසෙකලා රැස් වන්නට විය.දෙව්මැදුරේ මෙ මැදුරේ මෙන් කමතේ ද ජනතාව රැස් වෙන තැන්වලට ගොස් දේශනා කළහ.පශ්චාත්තාපය තුළ ජනතාවගේ සිත් හැරීම සිදු වන්නට විය.වරක් ජනතාව එතුමා ගේ දේශනා ඇසීමට නො වනු දැක මාලුවන්ට දේශනා කිරීම ආරම්භකල උන් තම හිස් වතුරෙන් ඔසවා සවන් දී සිටි බව කතා පුවතේ සඳහන් වේ.එතුමා කළ බොහෝ හාස්කම් නිසා ජනතාවට ක්‍රිස්තුන් වහන්සේව අදහා ගත්තා පමණක් නොව දේව විශ්වාසය ද වර්ධනය කරගත්හ.එකල සිට ම 'මහා පුදුම'කරන්නා යන නාමය පටබැඳුණි. වරක් නව තාපයක් අන්තෝනි තුමා භාවිතා කරමින් තිබූ,තම අත්අකුරින් ලියා ගත් ගීතාවලිය පොත රහසින් රැගෙන ගඟක් පසු කරන්නට පසු කරන්නට යත්ම ඒ දුටු දර්ශනය හා ඇසුන අණ නිසා නැවත හැරී විත් එම පොත ශුද්ධවන්ත තුමාට භාර දී ඇත. ඒ නිසා එතුමා නැති වූ දේ සොයා දෙන සාන්තුවරයා ලෙස සලකන්නට විය. අසීසියේ ශුද්ධ ප්‍රැන්සිස් තුමා අන්තෝනි තුමා ව ඇමතුවේ මාගේ රදගුරුතුමා කියයි. දේශනා වාදියා,ධර්මිෂ්ඨ දේව සේවකයා වර්ෂ එක්දහස් දෙසිය 1232 දී අවුරුදු තිස් හයක් ආයු වළඳා පාදුවා නගරයේ දී මිය ගියේ ය.වර්ෂ එක්දහස් දෙසිය තිස් එකේදි IXවෙන ගෙගරි පාප් තුමා (1227-1241)ශුද්ධ වූ අන්තෝනි තුමා ව ශුද්ධවන්තයෙකු ලෙස ප්‍රකාශ කළේ ය .වර්ෂයේ 1946 දී XIIවෙන පියුස් පාප්තුමා එතුමා සභා දේව ධම්ධරයෙක් ලෙස ප්‍රකාශ කළ හ.දාහත්වන සියවසේ සිට අන්තෝනි මුනිතුමා අතේ ජේසුතුමන් ඉන්නා චිත්‍රය දක්නට ලැබේ එතුමාගේ ජීවිත කාලයේදී ජේසු බිළිඳා එතුමාට නිතර දර්ශනය වූ බවට ජනකතා ඉස්මතු කෙරේ.එසේ ම දින තුනක් බඩගින්නේ සිටි බූරුවෙකු ඌ ආස කරන කෑම වන කොල්ලු පසෙක දමා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට දන නැමීමේ කතා පුවත ද ඒ අතර ජනප්‍රිය වූ එකකි.එසේම වහලක් සෑදීමේදී එයින් වැටෙමින් සිටි මිනිසා ගුවනේ නවතා තම ශ්රේඨයන් ගෙන් අවසර ගෙන පොලවට බස්සවා ගත් බව තවත් කතා පුවතකි.
Post a Comment